27th March 2023 23:38:56 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ අධීක්‍ෂණය යටතේ පොම්පේමඩු බළඇණි පුහුණු පාසල මඟින් පවත්වනු ලැබූ විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 04 පසුගිය සඳුදා (27) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21, 54, 56, 62, සහ 65 වන පාබල සේනාංක නියෝජනය කරමින් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඛණ්ඩ 10 ක් යටතේ මෙම පාඨමාලාව 2023 පෙබරවාරි 13 වන දින ආරම්භ විය.
පාඨමාලාවේ විෂය නිර්දේශය සඳහා ජී.පී.එස් අභ්‍යාස, නිරායුද සටන් ක්‍රම (UC), ප්‍රභූ ආරක්‍ෂාව (VIP/VVIP), ජීව වෙඩි තැබීමේ අභ්‍යාස, සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, සම්බන්ධ වීමේ නීති (ROE), විශේෂ ක්‍රියාන්විත ක්‍රියාමාර්ග සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි (IS) පිළිබඳ දේශන සහ ප්‍රායෝගික සැසි ඇතුළත් විය.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරල් චම්පක රණසිංහ පාඨමාලාවේ අවසන් දේශනය පැවැත්වීමෙන් අනතුරුව ජයග්‍රාහකයින් වෙත හිමි කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදුකරනු ලැබීය. එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 562 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
පාඨමාලාවේ ප්‍රධාන උපදේශක මේජර් ඩී.එල්.සී. ජයසිංහ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
පාඨමලාවේ දක්‍ෂතා දැක්වූවන් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
හොඳම ඛණ්ඩය: 65 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 4 ගජබා රෙජිමේන්තුව
8 දෙනාගෙන් යුත් දක්‍ෂතම කණ්ඩායම : 65 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 4 වන ගජබා රෙජිමේන්තුවේ 2 වන පෙළ
දක්‍ෂතම කණ්ඩායම් අණදෙන්නා: 12 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන ලුතිනන් ඒ.එච්.එම්.එන් කවීෂ
සෑම අතින්ම අති ශූර සෙබලා: 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් එල්.එම්.එන්.ආර් ලංසාකර
හොඳම වෙඩික්කරු: 14 (ස්වෙච්ඡා) වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ආර්.එම්.එස්.අයි රණතුංග
හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා : 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.බී.එම්.එස් රත්නායක