Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2016 22:55:23 Hours

පුරෝගාමි බලකාය සිංහල හා හින්දු නව අවුරුදු උළෙල සමරයි

මතුගම පිහිටි තම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමි බලකාය සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙලක් පැවැත්වීය. එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.සී ධර්මසේනගේ මඟ පෙන්වීම හා උපදෙස් අනූව මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබීය. රබන් ගැසීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, ධාවන තරඟ සහ තවත් සම්ප්‍ර‍දායික නව අවුරුදු තරඟ ඉසව් රැසක් මෙහි දී පැවැත් වූ අතර, ඒ සඳහා සියලු නිලයින්ගේ සහභාගීත්වය ලැබුණි. නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.jordan Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals