Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2016 19:55:05 Hours

පුර්ණාබාධිත රණවිරුවන් නිවාඩු නිකේතනයේ සංචාරයක

යුද හමුදාපතිගේ සංකල්පයක් මත පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ යටතේ වන රණවිරු සෙවන, අභිමංසල I, II, III හා අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර යන සුවසහන මධ්‍යස්ථානවල සිටන පුර්ණාබාධිත රණවිරුවන් 30 දෙනෙකු හට අගෝස්තු මස 10 වන දින කුකුලේගඟ නිවාඩු නිකේතනයෙහි දිනක් ගතකිරීම සඳහා අවස්ථාව උදා කරදෙන ලදි. සියලුම ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වගකීම් පැවරි ඇති අතර, ඒ අනුව ක්‍රියාකරමින් විවිධ විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ විනෝදාත්මක ක්‍රීඩා සමගින් කුකුලේගඟ ලයාලේෂර් නිවාඩු නිකේතනයේ දිනක් ගතකිරීම සඳහා මෙම රණවිරුවන් වෙත අවස්ථාව සලසාදෙනු ලැබීය. එහිදි මෙම රණවිරුවන් වෙත බොට්ටු සවාරි, වායු පිස්තෝල වෙඩි තැබීම, දුනු විදීම ආදි විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව උදාවිය. තවද, එදින සන්ද්‍යාවේ පැවැති සජිවී සංගීත සැඳැව මගින් ද ඔවුන්ට මහත් සතුටක් ගෙන ඒමට හැකියාව ලැබුණි. වෛද්‍ය සහ පරිපාලන කණ්ඩායමක් ද මෙම පිරිස සමඟ එක්ව සිටියහ.Running sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD