Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පුනරීන් ළමුන් වෙත 661 බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් උපකරණ

පුනරීන් ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් යුද හමුදාවේ ව්‍යාපෘතියක් ලෙස 661බලසේනාවේ මුලිකත්වයෙන් රුපියල් ලක්ෂ 2.3 ක් වටිනා පාසල් උපකරණ තොගයක් සඳුදා (05) දින පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 බලසේනාවේ භට පිරිස් වෙත ‘National Tourist Guide Lecturers’ සමාගම සහ ‘Kind Heart’සමාගම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.

ඒ අනුව මෙහිදි පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ සිසුන් 96 ක් වෙත පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය, නිලඇඳුම් ඇතුලු තවත් පාසල් උපකරණ ලබාදෙනු ලැබීය. එම සිසුන් බොහෝ දෙනෙක් ගංවතුරෙන් පීඩාවට පත්වු හෝ රැකියා අවස්ථා නොමැති ප්‍රදේශවල ඉතා අඩු ආදායම්ලාභී පවුල්වල දරුණු ලෙස පීඩාවට පත්වුවන් වේ.

තවද, මෙම ව්‍යාපෘතියට මහඟු සහයෝගයක් දක්වන 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කිත්සිරි ඒකනායක, ආධාර සපයන ආයතනවල නියෝජිතයන් ද සමඟින් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

‘Kind Heart’ සමාගමේ වී. ගුණසේකර මහතා සහ එස්. දිසානායක මහතා, ‘National Tourist Guide Lecturers’ සමාගමේ ටි.එස්. එබ්‍රහිම් මහතා, 661 බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් සේනාරත්න බණ්ඩාර, 15 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් චමින්ද ගුණරත්න, විද්‍යාලයේ විදුහල්පති එස්. උදයබවන් මහතා, ගුරුවරුන්, සිසුන් මෙන්ම දෙමාපියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

bridgemedia | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp