30th November 2016 17:00:09 Hours
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අධ්‍යාපන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ළමුන් සඳහා නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි පුනරින් මහා විද්‍යාලයේ දී සහ ජයපුරම් මහා විද්‍යාලයේ දී වෙන් වෙන් වශයෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණ දෙකක් පවත්වන ලදි.
එම සම්මන්ත්‍රණවල දී ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රිසී යන විෂයන් ආවරණය වන පරිදි, කේ. දර්ශන මහතා, එස්. තන්ගවඩිවේලි මහතා, බි. ශාන්ත රුබන් මහතා සහ මුරුගාවල් මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලයක් විසින් මුදල් අයකිරීමකින් තොරව දේශන පැවැත්විය.
සාමාන්‍ය පෙළ සිසුන් 182 ක් සහභාගි වූ මෙම සම්මන්ත්‍රණ දෙක සඳහා අවශ්‍ය සියලු පහසුකම් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 සහ 663 බලසේනා විසින් සපයාදෙන ලදි. 663 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.ඩි. වීරසූරිය, 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.එම්.සී.බි.කේ. ඒකනායක, මෙම විද්‍යාල දෙකෙහි විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Nike Sneakers | Women's Designer Sneakers - Luxury Shopping