Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පුද්ගලික පරිත්‍යාගශීලියෙකු හා කොළඹ විශාකා විද්‍යාලයීය සිසුවියන් ස්කන්ධපුරම් විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් සමඟ එක්ව තුනුක්කායි පිහිටි ස්කන්ධපුරම් රජයේ දමිළ විද්‍යාලයීය සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සිකුරාදා (05) දින පවත්වනු ලැබිය.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ඉල්ලීමකට අනුව නාවල රාජගිරියේ පදිංචි දිනුෂා ද සිල්වා මහත්මිය විසින් රුපියල් ලක්ෂයක් වටිනා පොත්පත් ලබාදෙනු ලැබු අතර, කොළඹ විශාකා විද්‍යාලයිය සිසුවියන් විසින් පාසල් බෑග් 26 ක් ද පරිත්‍යාග කරනු ලැබිය. එමෙන්ම මෙහිදි විද්‍යාලයීය පුස්තකාලය සඳහා ද පොත් ලබාදිම ද සිදුවිය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපමිණි අතර, පාසල් උපකරණ බෙදාදිම සඳහා ද එක්විය.

විදුහල්පති, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධන, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 652 බළසේනාවේ බළසේනාධිපති, 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running Sneakers | UOMO, SCARPE