Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2016 16:11:46 Hours

පුද්ගලික දානපතීන්ගෙන් වැඩසටහන් සඳහා දායකත්වය

මුලතිව් හි පිහිටි 621 බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් මොනරවැව ග්‍රාම නිලධාරී කොට්ඨාශය තුල දහම් පාසල් ගුරුවැරුන් සහ සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් සීඅයිබී වෙළද ආයතනය අනුග්‍රාහකත්වයෙන් ඉරිදා (30) දින මොනරවැව විහාරස්ථානයේ දී ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහා සිවුරු, ගුරුවරුන් සඳහා සාරී සහ දහම් පාසල් සිසුන් හට නිල ඇදුම් ද ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම මෙම මුළු පරිත්‍යාගහි වටිනාකම රුපියල් 70,000 ක් වේ.

මෙම පරිත්‍යාගලාභීන් අතර, භික්ෂූන් වහන්සේලා 9 නමක්, ගුරුවරුන් 113 ක් සහ දහම් පාසල් සිසුන් 1409 ක් වූහ.

පරිත්‍යාගශිලීන්ගේ නියෝජිතයින්, බ්‍රිගේඩියර් එස්.කේ.ජි.එන්.බි. ඇහැලමල්පේ (විශ්‍රාමික), 621 බලසේනාවේ බලසේනාධිපති, 14 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහ 621 බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sports brands | AIR MAX PLUS