Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2023 10:52:24 Hours

පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වැඩමුළුවක්

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දක්‍ෂතා ඉහළ නැංවීමේ අරමුණින් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් විවිධ රෙජිමේන්තුවලින් තෝරාගත් සාමාජිකයන් 30 දෙනෙකු වෙනුවෙන් නිවේදන වැඩමුළුවක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

අගෝස්තු මස 7 දින ආරම්භ වූ මෙම වැඩමුළුව අගෝස්තු මස 21 දින දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පුහුණු මධ්‍යස්ථානයේ කීර්තිමත් උපදේශක තුෂාරි වෙලගෙදර මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ සිරස රූපවාහිනී ආයතනයේ හිටපු නිවේදිකා වාසනා ලක්මාලි මහත්මිය, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහ ප්‍රධාන සංඥා කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක විය.

අගෝස්තු මස 21 දින වැඩමුළුව අවසන් වීමෙන් අනතුරුව ඒ සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරිණී. ඒ සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.