29th November 2016 17:43:36 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සෙනසුරාදා (26) දින මහනුවර මහානාම කාන්තා විද්‍යාලයේ, දුනුමඩවල කන්ද තරණය කිරීමේ තරඟය සඳහා සහභාගි වූ ශිෂ්‍යයින් වෙත සහයෝගය ලබා දී ඇත.
එම විද්‍යාලය විසින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා භට පිරිස් සහය ලබාදෙනු ලැබීය.
ඒ අනුව 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස්, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස්, 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් සහ 2 වන රයිෆල් බලකා භට පිරිස් එම පාසල් සිසුන් වෙත පූර්ණ සහයෝගය ලබා දී ඇත.
latest Running | Nike Air Max 270