Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2024 19:38:48 Hours

පාසල් සරඹ තරඟාවලියේ විනිශ්චය සඳහා 4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දායකත්වය ලබාදෙයි

52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2024 නොවැම්බර් මස 21 දින නෙල්ලිඅඩි, මධ්‍ය මහා විද්‍යාලයේ පැවති සරඹ තරඟාවලියේ විනිශ්චය මණ්ඩලය සඳහා 4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 09 දෙනෙකු සහභාගී වූහ.

සරඹ තරඟාවලිය සඳහා නෙල්ලිඅඩි සහ පේදුරුතුඩුව යන ප්‍රදේශයන්හි පාසල් සරඹ කණ්ඩායම් සහභාගි වූහ.

මෙම අවස්ථාවට නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ පාසල් සිසුන් සහභාගී වූහ.