Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2016 16:00:30 Hours

පාසල් උපකරණ පරිත්‍යාගයක් යාපනයේ දී පවත්වයි

සිවිල් හමුදා සම්බන්ධීකරණ වැඩසටහන යටතේ තවත් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් පසුගිය ඉරිදා (12) දින පේදුරුතුඩුව ප්‍රදේශයේ දිළිඳු දරුවන් සඳහා පාසල් උපකරණ ‍පරිත්‍යාග කරන ලදි. යාපනය අර්ධද්වීපය තුල සංහිඳියාව ඇති කිරීමේ වැඩසටහන වැඩි දියුණු කිරීමේ අරමුණින්, ‘75 / 80’ ආදි ආනන්දීය කණ්ඩායම, කාගිල්ස් බැංකුව සමඟ එක්ව සංවිධානය කළ මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් යුද හමුදා සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් හරිස්චන්ද්‍ර‍ මහාසිංහ සිය සහයෝගය ලබාදුන්හ. ඒ අනුව කෙට්පෙලි රජයේ දමිළ මිශ්‍ර‍ විද්‍යාලයේ, මෙලිපුලොලි ශීවප්‍ර‍කාශ් විද්‍යාලයේ සහ රෝමානු කතෝලික විද්‍යාලයේ සිසුන් 600 ක් වෙත සම්පූර්ණ පාසල් උපකරණ ඇතුලත් පාසල් බෑග් බෙදාදෙන ලදි. තවද, කුලමන්ගල් රෝමානු කතෝලික විද්‍යාලයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති වතුර පොම්පයක් ද එම පරිත්‍යාගශිලින් විසින් තෑගි වශයෙන් පරිත්‍යාග කරන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයෙක මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, බෞද්ධ භික්ෂූන් වහන්සේලා , හින්දු සහ කතෝලික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, ‘75 / 80’ ආදි ආනන්දීය කණ්ඩායමේ සාමාජිකයින්, කාගිල්ස් බැංකුවේ සාමාජිකයින්, වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම සිසුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.Asics footwear | New Balance 991 Footwear