Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2016 17:18:50 Hours

පාලන කටයුතු සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති පරිගණක සහ යතුරුපැදි බෙදාදෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක ආදියෙහි කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පරිගණක 50 ක් සහ යතුරුපැදි 02ක් බෙදාදෙන ලද අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5.5 ක් වේ. මෙහිදි සේනාංක 03 ක්, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා 10 ක්, ඒකක 35 ක් සහ කිලිනොච්චි යුද හමුදා මුලික රෝහල මෙන්ම පාබල පුහුණු පාසල් 02 ක් වෙත මෙම කාර්යාලීය උපකරණ ලබාදෙන ලදි. තවද, යතුරුපැදි 02 ප්‍රධාන මාණ්ඩලික ශාඛාව සහ පාලන හා භට කාර්ය සම්පාදන ශාඛාව වෙත ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලබාදීම සිදුකෙරිනි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ අධික්ෂණය යටතේ මෙම පරිගණක හා යතුරු පැදි සඳහා අවශ්‍ය මුදල් එම ආරක්ෂක සේනා මුලස්ථාන අරමුදලෙන් ලබාගන්නා ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.latest jordans | Air Jordan Release Dates 2020