Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2019 14:30:16 Hours

පාර්ක් මාවතේ ප්‍රතිසංස්කරණය කරන ලද විවාහක මහල් නිවාස සංකීර්ණය විවෘත කරයි

අගනුවර සහ එහි තදාසන්න ප්‍රදේශවල සේවය කරන විවාහක නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා නවාතැන් සැපයීමේ අරමුණින් ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නාරාහෙන්පිට පාර්ක් පෙදෙසේ පිහිටි මහල් 4 කින් සමන්විත ඇන්ඩර්සන් විවාහක නිවාස සංකීර්ණයේ නිවාස 16 ක් අද (15) දින සන්ධ්‍යාවේ විවෘත කරන ලදී.

මෙම උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 40 දෙනෙකු අතරින් 16 දෙනෙකු වෙත ප්‍රතිසංස්කරණය කරන ලද නව නිවාස ලබාදුන්හ. තවත් එවැනිම මහල් නිවාස 24 ක් ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම මැතිණිය විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සහ ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රථමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස සංකීර්ණයේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලු අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විවාහක නිවාස සංකීර්ණයන්හි අවශ්‍යතාවය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළහ.

එම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අද්විතීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දායකත්වය ලබාදුන් යුද්ධ හමුදා සාමජිකයින් 137 දෙනා වෙත ඇගයීම් සහතික පත් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ NVQ 3 මට්ටමේ සහතිකය සඳහා සුදුසුකම් ලැබීමට ද එම යුද්ධ හමුදා සාමාජිකයින්ට පහසුකම් සපයන බවට යුද්ධ හමුදාධිපතිතුමන් පොරොන්දු විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. affiliate tracking url | Nike Running