Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2019 15:35:18 Hours

ප්‍රධාන කණ්ඩායම් හතරක් කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ ප්‍රගති සමාලෝචනය කරයි

දෙදිනක් පූරා පැවැති කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය අවසානයේ, විශේෂඥයින් කණ්ඩායම් හතරක් සම්මන්ත්‍රණයේ ප්‍රගතිය සමාලෝචනය කරමින් දේශපාලන අධිෂ්ඨානය, සිවිල් මැදිහත්වීම, සිවිල්-හමුදා සම්බන්ධතා, රැඩිකලීකරනය හා අන්තවාදය වැළැක්වීම, සංස්කෘතික හා ජනවාර්ගික අන්තර්ක්‍රියා, දෘඩ බලය සහ මෘදු බලය, නව කැරලිකාර උපාය මාර්ග, ජනවාර්ගික-ආගමික ආතතිය, සාමූහික සහයෝගීතාව, අන්තර්ජාලය සමඟ වෙනස්වන කලාව, තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් තාක්‍ෂණය පුළුල් කිරීම, යුධ පිටියේ වෙනස්මග අභියෝගවල ස්වභාවය වෙනස්, නීතිමය ඇඟවුම් සහ දෙමුහුන් තර්ජන යනාදී ආරක්‍ෂක ගැටළු පිළිබඳ අවධානය යොමු කර ඒවා කළමනාකරණය කළ යුතු ආකාරය පෙන්වා දෙනු ලැබීය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් ‘ඒ’ කාණ්ඩයේ ඉදිරිපත් කිරීම සිදුකරමින් හදිසි අවස්ථාවලදී සිවිල් වැසියන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා හමුදාවට දේශපාලන අධිෂ්ඨානයක අවශ්‍යතාවය සහ සෞඛ්‍ය සම්පන්න හා ඒකාබද්ධ සිවිල් හමුදා වැඩසටහන් මගින් විසඳිය යුතු නවතමයෙන් හඳුනාගත් හා වේගයෙන් මතුවන තර්ජන ලෙස රැඩිකලීකරණය සහ අන්තවාදය හඳුනාගෙන තිබෙන බව පෙන්වාදෙනු ලැබීය. තවද, අභියෝග නොමැති අවස්ථාවල දී හමුදා මැදිහත්වීම සීමා කිරීමට ඔහුගේ කණ්ඩායම එකඟ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ විසින් ‘බී’ කණ්ඩායමේ ඉදිරිපත් කිරීම සිදුකරමින්  දෘඩ බලය සහ මෘදු බලය, නව ප්‍රති-කැරලිකාර උපායමාර්ග, ජනවාර්ගික ආතතිය, සියලු පාර්ශවකරුවන් හා සංවිධාන සමඟ සහයෝගීතාවය සහ යුද්ධයේ වෙනස්වන ස්වභාවය මෙන්ම අන්තර්ජාලය හරහා උපක්‍රම ලබාගැනීමේ හැකියාව පිළිබඳ පෙන්වාදෙන ලදී.

එමෙන්ම, වයඹ නාවික පෙදෙසේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් ‘සී’ කණ්ඩායමේ ඉදිරිපත් කිරීම සිදුකරමින් හමුදා හා සැපයුම් කටයුතු සඳහා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම, ඩිජිටල් විද්‍යාව යුධ පිටියට හඳුන්වාදීම, නව තාක්‍ෂණය භාවිතා කිරීම, නව නිපැයුම්, එම ගැටළුවල නෛතික ඇඟවුම් සහ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික එකඟතාවයකින් යුතුව කරුණු විසඳීම සම්බන්ධයෙන් ඉස්මතු කර දැක්වීය.

‘ඩී’ කාණ්ඩයේ ප්‍රධානී මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සිදුකළ ඉදිරිපත් කිරීමේදී යුධ පිටිය වේගයෙන් වෙනස් වන බැවින් එහි වැදගත් ස්වභාවය පිළිබඳ අවධානය යොමු කරමින් ජාතියක් වශයෙන් රටක මූලික අංගයක් ලෙස හමුදාවේ වැදගත්කම, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් පිළිගැනීම, ආගමික අන්තවාදය, සංකල්ප, භෞතික වෙනසක් හෝ යුද සන්දර්භයක චිත්තවේගීය වෙනස්කම්, ජාතියක් සුරක්‍ෂිතව හා ආරක්‍ෂාකාරීව තබා ගැනීම හමුදාවේ යුතුකම් මෙන්ම මෑතකදී හදුනාගත් දෙමුහුන් තර්ජන පිළිබඳ පෙන්වා දෙනු ලැබීය. Nike Sneakers Store | Women's Designer Sneakers - Luxury Shopping