Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

18th November 2015 22:43:50 Hours

ප්‍රථිත්‍රස්ත කැළෑබද සටන් පුහුණු පාඨමාළාවෙහි ශිෂ්‍ය නිළධාරීන් පිරිසක් මුලතිව් සංචාරයක

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලෙහි පවත්වනු ලැබූ ප්‍රථිත්‍රස්ත කැළෑබද සටන් පුහුණු පාඨමාළා අංක 14 හි නිළධාරීන් පිරිසක් නොවැම්බර් මස 16 සහ 17 යන දිනයන්හි කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ. මෙම ශිෂ්‍ය නිළධාරීන්ගේ සදුදා (16) දින සිදුවූ පළමු සංචාරයේදී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එම අවස්ථාවේදී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් පිළිගනු ලැබීය. අනතුරුව එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය මගින් සිදු කරනු ලැබු කාර්ය භාර්යන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. සංචාරයෙහි දෙවන දිනයේ ශිෂ්‍ය නිළධාරීන් 59 වන සේනාංක මූලස්ථානයෙහි සහ 68 වන සේනාංක මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී පසුගිය කාලයෙහි පැවති මානුෂීය මෙහෙයුමට සම්බන්ධ බොහෝ වැදගත් ස්ථාන රැසක් ද නැරඹූහ. මෙම සංචාරය සඳහා දේශීය නිළධාරීන් 27 දෙනෙකු සහ විදේශීය නිළධාරීන් 4 දෙනෙකු ඇතුළු නිළධාරීන් 31 දෙනෙකු සහභාගි වූහ.