Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

17th December 2015 12:25:52 Hours

ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල මගින් අක්ෂි සායනයක්

දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී දියතලාව ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදා නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවකයින් සඳහා අක්ෂි සායනයක් සෙනසුරාදා (12) දින පවත්වනු ලැබීය. සිකුරාදා (18) දිනට යෙදෙන ලෝක අක්ෂි දිනය වෙනුවෙන් සහ ජනවාරි මස 6 වන දිනට යෙදෙන දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ 27 වන සංවත්සරය නිමිත්තෙන් මෙම අක්ෂි සායනය පවත්වන ලදී. දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සමඟ එක්ව සංවිධානය කෙරුනු මෙම අක්ෂි සායනය සඳහා යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවකයින් 120 දෙනෙකු සහභාගි වූහ.