Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2024 17:47:42 Hours

පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත යාපනය ශික්‍ෂණ රෝහල් රුධිර බැංකුව සමඟ ඒකාබද්ධව පලාලි යුද්ධ හමුදා මූලික රෝහල වෙතින් 2024 සැප්තැම්බර් මස 26 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 144 දෙනෙකු සහභාගී වී අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.