Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th July 2021 11:23:26 Hours

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට 

දශක තුනකට අධික කාලයක් සේවය කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් සඳුදා (26) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එහිදී, මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.  

මෙම සුහද හමුවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිවෘද්ධිය උදෙසා මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් සිදුකරනු ලැබූ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. එමෙන්ම, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස සහ ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානය යන තනතුරු හොබවමින් මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.

මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් විනයාරක්‍ෂකාධිපති ධූරය හොබවන සමයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා හඳුන්වාදුන් නව ක්‍රමවේද පිළිබඳවද එහිදි සාකච්ඡාවට බඳුන්විය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් වෙනුවෙන් සිය කෘතඥතාවය ද පිරිනැමුවේය. මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්ගේ සේවය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.