Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2023 23:07:57 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන බ්‍රිගේඩියර් එස්.එන්. සේමගේ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන බ්‍රිගේඩියර් එස්.එන් සේමගේ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (අගෝස්තු 31) දින වේරහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් එස්.එන් සේමගේ යූඑස්පී වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව එම රෙජිමේන්තු සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී විසින් ලබාදුන් මාර්ගෝපදේශ යටතේ මෙම උත්සවය පවත්වන ලදී.

නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා බ්‍රිගේඩියර් කේ.එස්.ඩී. කරුණාරත්න, බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ටී.කි ්‍යූ.පී. විජේරත්න, බ්‍රිගේඩියර් එන්.කේ. ආරියරත්න යූඑස්පී, බ්‍රිගේඩියර් පී.ටී.ආර්. මකුලොළුව, බ්‍රිගේඩියර් එම් මුතුමාල සහ බ්‍රිගේඩියර් පී.ජී වික්‍රමසූරිය එක්ව සිටියහ.

තවද, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.