Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2023 18:04:35 Hours

නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 12) පවත්වනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩිර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු එම රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභා සාමාජිකයන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් එතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව එතුමන් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඔවුන් වෙත ගෞරවාචාර පුදකළේය. අනතුරුව එම රෙජිමේන්තුවේ සරඹ භූමියේදී භටපිරිස් විසින් එතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබීය.

මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් තැබු එතුමන් මාර්ගය දෙපස රැස්ව සිටි භටපිරිස්වල ගෞරවාචාර මධ්‍යයේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් නික්ම ගියහ. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වැනි රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන ලදී.