Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 16:30:58 Hours

නීරෝධායන ක්‍රියාවලිය සිදුකරන කාලය තුළ ඉතා වගකීම් සහගතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි

(මාධ්‍ය නිවේදනය)

‘කොවිඩ් - 19’ මාරාන්තික වෛරසය පැතිරවීම වැළැක්වීම උදෙසා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව ඉටු කරගැනීම සඳහා මේ මොහොතේ දැඩි සංයමයකින් හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ජාතියෙන් ඉල්ලා සිටී.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් වෙනුවෙන් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලාංකික ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ආරාක්‍ෂාකාරීව සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ නිර්දේශ වලට අනුව කොළඹ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) සවීන් සේමගේ සහ හමුදා වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පූනානි සහ කන්දකඩුහි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් මේ වන විට පවත්වාගෙන යනු ලැබේ.

එසේ වුවද, තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් සැපයීමේදී එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් ඇතැම් රැඳවූවන් යම් යම් බාධාකිරීම් සහ අනුචිත අයුරින් හැසිරෙන බව නිරීක්‍ෂණය වී තිබේ. මෙම නිරෝධායන ක්‍රියාවලිය සිදුකරන කාල සීමාව තුළ නිරෝධායන මධ්‍යස්ථානයන් තුළ උද්ගත වන ඕනෑම ගැටළුවක් හෝ ඇතිවන ඕනෑම අවශ්‍යතාවයක් වේ නම් ඒ පිළිබඳ කඩිනමින් නිරෝධායන බලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටින අතර ඊට පිළියම් ලබා දීමටත් ගැටළු කඩිනමින් සපුරාලීමටත් අවශ්‍ය සියලු කටයුතු සපුරාලීමට කටයුතු කරන බවද දන්වා සිටිනු ලැබේ.

ඔවුන්ගේ ඉල්ලීම්, දුක්ගැනවිලි හා අනෙකුත් සියලු අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින් නිරෝධායන බලධාරීන් සූදානම්ව සිටින බව මෙමගින් අවධාරණය කර සිටිමී.

පුරා දින 14 ක කාළ සීමාවකට යටත්ව සිදුකරන මෙම නිරෝධායන ක්‍රියාවලිය උද්ගත විය හැකි සුළු අඩුපාඩුකම් පිළිබද තැකීමකට ලක්නොකර සමස්ථ ශ්‍රි ලංකික ජාතියටම සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඉතා තීරණාත්මක අවස්ථාවක් වන මෙම ජාතික අවශ්‍යතාවයේදී බාධා නොකර ඒ වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසට මෙම නිරෝධායන කටයුතු යටතේ පසුවන සියලුම රැඳවූවන්ගෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ඉල්ලීමක් ද කර ඇත. (නිමාව) Sportswear free shipping | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos