07th April 2024 13:50:04 Hours
මාලිගාතැන්න, කිරලගොල්ල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 06 දින මුල්ගල තැබිණි.
111 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ප්‍රදේශවාසීන් සහ එම ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ සුරතින් නව නිවස සඳහා මුල්ගල් තැබීය. උත්සව අවස්ථාව සඳහා 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින්, සෙසුනිලයන් සහ නිවාසලාභීයා සහභාගී වූහ.