Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 08:09:53 Hours

නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කරයි

බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ විශේෂ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය තුළ පිහිටි ‘ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය’ පසුගියදා විවෘත කරනු ලැබීය.

එහි සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ගේ සුරතින් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණයේ සමරුඵලකය නිරාවරණය කර සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී. මෙම අවස්ථාවට නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

අභිනවයෙන් ඉදිකළ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය මේදය දහනය කිරීමේ යන්ත්‍ර, ශරීරයේ හැඩය මනාව පවත්වාගැනීමට හැකි යන්ත්‍ර සහ මාංශ පේශි නඩත්තු කිරීමේ යන්ත්‍ර ඇතුළු අනෙකුත් උපාංග වලින් සමන්විතය. නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයට දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති මෙම ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය සියලුම නිලධාරීන්ට සහ ශිෂ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරගැනීමට පහසුකම් සපයයි. buy footwear | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD