Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2016 16:31:50 Hours

නිලධාරීන් හා පවුලේ සාමාජිකයන් වෙත ටෙනිස් පුහුණුව

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්. රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනාව විසින් පනාගොඩ යුද හමුදා ජනපද පරිශ්‍රයේ දී නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ටෙනිස් පුහුණුව ලබාදීමට සඳුදා (18) දින කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම පුහුණු සැසිය අඛණ්ඩව දිවයින පුරා ප්‍ර‍සිද්ධ පුහුණුකරුවන් යටතේ සතියට දින දෙක බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. සතියකට දින දෙකක් බැගින් පැවැත්වෙන පුහුණු කටයුතු සඳහා නිලධාරින් සහ එම පවුල්වල සාමාජිකයින් මෙන්ම භට පිරිස් ද එක්ව සිටියහ. මෙහි සමාරම්භක අවස්ථාවට නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. latest Running Sneakers | Nike for Men