Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 21:27:28 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 11056 දෙනෙකු මේ වනවිට සිය නිවෙස් කරා පිටත්ව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

ත්‍රිවිධ හමුදාව මඟින් මෙහෙයවනු ලබන පනිච්චන්කර්නි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 7 දෙනෙකු සහ රාජගිරිය ආයුර්වේද රෝහල් නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 8 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු PCR පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව අද (29) දින නිරෝධායන සහතික ලබා සිය නිවෙස් කරා පිටත්වූහ. ඒ අනුව, මේ වන විට නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 11,056 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඔවුන්ගේ නිවෙස් කරා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම, ත්‍රිවිධ හමුදාව මඟින් මෙහෙයවනු ලබන දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 44 ක පුද්ගලයින් 5,154 දෙනෙකු තවමත් නිරෝධායන කටයුතු වල නිරතව සිටියි. ගත වූ පැය 24 තුළ නාවික හමුදාවේ විරෝදාර සෙබළුන් 26 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව, නාවික හමුදාවේ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රණවිරුවන් සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින්, විරෝදාර රණවිරුවන් 366 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් විරෝදාර රණවිරුවන් 342 දෙනෙකු තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිති. Sports Shoes | New Releases Nike