27th March 2020 17:17:10 Hours
පූනානි, කන්දකාඩු සහ දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුරා සති දෙකක කාල සීමාවක් නීරෝධායනයට ලක් වූ නිරෝධායන කණ්ඩායම් අද (27) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ. මෙසේ සිය නිවෙස් බලා යලි පිටත් වූ පිරිස අතර පූනානි නිරෝධායන කඳවුරෙන් නිරෝධායනයට ලක් වූ එක් ඉතාලි ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් 167 කින් සමන්විත කණ්ඩායමක්ද, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද, දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක් වූ දකුණු කොරියානු ජාතිකයන් තිදෙනෙකුගෙන්ද සැදුම්ලත් තවත් පුද්ගලයන් 309 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින්ද සමන්විත විය.
එමෙන්ම ගාල්ල, මාතර, කොළඹ සහ මහනුවර, කඩවත, කුරුණැගල වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් එම පිරිස අතර සිටි කුඩා දරුවන් රැගත් දෙමාපියන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.
නිරෝධායන කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද පැමිණ සිටියහ. Sportswear Design | Ανδρικά Nike