Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2024 19:27:22 Hours

නිර්භීත යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ ක්‍රියා කලාපය 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඇගයීමට

7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ඩබ්ලිව්.ඩී.අයි. දිනේෂ් කුමාර විසින් සිදුකරනු ලැබූ විශිෂ්ඨ මෙන්ම නිර්භීත ක්‍රියාවක් 2024 දෙසැම්බර් මස 06 දින මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ ඇගයීමට ලක්විය.

ජාතික ආරක්‍ෂාව පමණක් නොව, මහජනතාවගේ යහපැවැත්ම සුරක්‍ෂිත කිරීම සඳහා ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම, වෘත්තීමයභාවය විදහා දක්වන සේවයක නිරතව කටයුතු කිරීම පිළිඹිබු කරමින් මෙම නිර්භීත යුද්ධ හමුදා සාමාජිකයා විසින් 2024 නොවැම්බර් මස 28 දින 1910 පැයට කිලිනොච්චි, මලයාලපුරම් කඳවුර අසල සිදුවූ මංකොල්ලයක් වැළැක්වීමට කටයුතු කරනු ලැබීය.