Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2017 12:18:24 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 28 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිය කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය.

හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රේණක උඩවත්ත විශ්‍රාමයාමත් සමඟ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි හෙඹවු මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, මෙසේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා පත්වීම් සිදු කර ඇත.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, සිය කාර්යාලයේ දී ආගමිකවතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි කටයුතු භාර ගන්නා ලදි.

ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කාර්ය මණ්ඩලයේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් යුද්ධ හමුදා මුලස්ථානයේ දී නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වෙත සුභ පැතුම් පල කළහ.

වර්ෂ 1983 අප්‍රේල් මස 27 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳුණු නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අනතුරුව, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 18 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් වරයකු වශයෙන් අධිකාරියට පත්වීමෙන් පසු 1984 නොවැම්බර් මස 7 වන දින ගැමුණු හේවා බලඇණියට එක්විය.

වසර 30 කට නොවැඩි සේවා කාලය තුල යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, 521 බලසේනා මුලස්ථානයේ බලසේනා මේජර්, අධ්‍යක්ෂ මනෝවිද්‍යා මෙහෙයුම්, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රියාන්විත, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරි උපදේශක, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අණදෙන නිලධාරි, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක වැනි මාණ්ඩලික තනතුරු රාශීයක් ද හොබවා ඇත.

එසේම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන්ද රාජකාරි කටයුතු කල ඔහු, ඊට පෙර 23, 65 සහ 54 වන සේනාංකයන්හි සේනාංකාධිපති ලෙසද 533 සහ 512 බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපතිවරයා ලෙසද 8 වන සහ 5 වන ගැමුණු හේවා බලඇණි වල අණදෙන නිලධාරි ලෙසද ක්‍රියාන්විත තනතුරු රැසක් ද හොබවා ඇත.

දක්ෂ ක්‍රිඩකයකු වන ඔහු පැසි පන්දු ක්‍රිඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ආරක්ෂක සේනා ස්කොෂ් තරඟාවලියන් ද නියෝජනය කර ඇත.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කඳාන ද මැසනඩ් විදුහලේ කීර්තිමත් ආදී සිසුවෙකු ද වේ.

Authentic Sneakers | Nike News