Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th June 2016 11:33:20 Hours
නැවත පදිංචි කරනු ලැබූ වෙහෙරතැන්න ගම්මානයේ ළමුන් සඳහා නව පාසලක්
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 62 වන සේනාංක සෙබලුන් විසින් නැවත පදිංචි කරනු ලැබූ වෙහෙරතැන්න ගම්මානයේ ළමුන් සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් තීරක කමිටුවේ සාමාජිකයෙකු වන රොෂාන් මහානාම මහතාගේ පරිත්‍යාගයෙන් නව පාසලක් ඉදි කර දී ඇත. රජය සහ යුද හමුදාව එක්ව දියත් කරනු ලැබූ උතුරු පළාත් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලැබූ වෙහෙරතැන්න ගම්මානයේ වසර ගණනක සිට පාසලක් නොමැතිවීම ඉතා විශාල අඩු පාඩුවක්ව පැවතුනි. එම ගැටලුවට විසදුමක් ලෙස ප්‍රාථමික පාසලක් ඉදි කිරීම් සදහා මූල්‍යමය දායකත්වය ලබා දුන් රොෂාන් මහානාම මහතා හට ශ්‍රී ලංකා යුද හමුදා වන්නි සෙබලුන් සිය ස්තුතිය පිරිනමනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ සහ රොෂාන් මහානාම මහතා විසින් එම නව පාසල් ගොඩනැගිල්ල සෙනසුරාදා (04) දින සිසු අයිතියට පත් කරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් එම නව පාසල ව/රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය ලෙස නම් කරන ලදී. එම පාසල ඉදි කිරීම සඳහා උතුරු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 6 ක් ඇස්තමේන්තු කර ඇති අතර, යුද හමුදා සෙබලුන්ගේ දායකත්වය නිසා එම මුදල රුපියල් මිලියන 2.6 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වුණි. එම පාසල පංති කාමර 5 ක්, කාර්යාලයක්, පුස්තකාලයක් සහ ගුරුවරුන් සදහා විවේකාගරයක් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්වලින් ද සමන්විත වේ. පාසල් ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු 62 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලිගේ මගපෙන්වීම යටතේ 623 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විකුම් ලියනගේ අධීක්ෂණයෙන් 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ ඉංජිනේරු සෙබලුන් විසින් සිදු කරනු ලැබීය. එම අවස්ථාව සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මහතා සහ උපුල් චන්දන මහතා ඇතුළු පවුල්වල සාමාජිකයින්, උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ආර් රවීන්ද්‍රන් මහතා, උතුරු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඇන්තනී සෙල්වරාජා මහත්මිය, හේමාස් ආයතනයේ නේවාසික කළමණාකාර එච්.කේ.පී ජයනන්ද මහතා, හේමාස් අධ්‍යක්ෂ මණ්ඩලයේ ශිරෝමි මාසකෝරාල මහත්මිය ඇතුළු ප්‍රදේශවාසීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි වූහ
Sport media
|
Nike Shoes