01st July 2024 18:02:57 Hours
නැගෙනහිර පළාත් පොසොන් උදාන 2024 තරඟය 2024 ජුනි මස 21 දින සිට 26 දින දක්වා අම්පාරේදී පැවැත්විණි. එම තරඟය සඳහා යුද්ධ හමුදාව, රාජ්‍ය ආයතන සහ සිවිල් වැසියන් විසින් පොසොන් පහන් කූඩු 150ක් ප්‍රදර්ශනය කර තිබුණි.
පොසොන් උදාන 2024 තරඟයේ ජයග්‍රාහකයින් පහත පරිදි වේ.
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය
විශේෂ බලකා රෙජිමේන්තුව - 4 වන ස්ථානය
16 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව - 5 වන ස්ථානය
කමාන්ඩෝ පුහුණු පාසල, අම්පාර - 6 වන ස්ථානය
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය - 8 වන ස්ථානය
24 පාබල සේනාංකය - 11 වන ස්ථානය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ.කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා කණ්ඩායම් මෙම තරඟය සඳහා පහන් කූඩු ඉදිරිපත් කරනු ලැබූහ.