Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 16:16:33 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නවීකරණය කරනු ලැබූ කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවීකරණය කරනු ලැබූ කාර්යාල ගොඩනැගිල්ල එම ආරක්ෂක සේනා ආඥාපති විසින් සෙනසුරාදා (1) දින නැවත විවෘත කරනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි දීර්ඝකාලීන අඩුපාඩුවක්ව පැවති මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමේ කටයුතු එම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණය යටතේ ඉදි කරනු ලැබීය.

ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් සහ නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් විසින් ඉතා කෙටි කාලයක් තුළදී එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කරනු ලැබූ අතර, එම ගොඩනැගිල්ල විවෘත කරනු ලැබූ අවස්ථාවේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම් .යූ විජේරත්න විසින් සියලු නිලයින් අමතනු ලැබීය.

නවීකරණය කරනු ලැබූ කාර්යාල ගොඩනැගිල්ල තුළ දී සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.

latest jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov