Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2016 12:04:56 Hours

නැගෙනහිර ආරක්ෂක සේනාවත් නව අවුරුදු සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා ඉදිරි නඩත්තු පෙදෙසෙහි භට පිරිස් විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මගපෙන්වීම යටතේ පසුගිය සිකුරාදා (08) දින මින්නේරිය පාබල චතුරශ්‍රයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි. එහිදි සියලුම නිලයින්ගේ සහභාගීත්වයෙන් පාපැදි ධාවන තරඟ, ලිස්සන ගසේ නැඟීම, බනිස් කෑම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, කොට්ට පොර, විකට ඇඳුම් තරඟය වැනි තරඟ ඉසව් පැවැත්විය. මෙම අවස්ථාව සඳහා යුද හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් වැසියන් සහ පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.bridge media | Nike Running