Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2017 15:00:42 Hours

නව 12 වන සේනාකයේ සේනාංකාධිපති රාජකාරි අරඹයි

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එස්.එච්.එෆ්.පි. පෙරේරා රාජකාරි භාර ගන්නා ලදී.

නව තනතුරේ රාජකාරි භාරගැනිමට පැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම මුලස්ථානයේ දී 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

නව සේනාංකාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී ‘අඹ’ පැළයක් රෝපණය කළ අතර, අවසානයේ සියලු නිලයින් සමඟ තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයන් ද 12 වන සේනාංකයේ පැවති මෙම අවස්ථාවට සහභාගි වුහ.

Sportswear free shipping | Patike