Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2020 15:39:40 Hours

නව විධායක ජෙනරාල් රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ 30 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් බී.වී.ඩි.පී. අබේනායක බ්‍රහස්පතින්දා (16) දින පැවැති උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.

නව විධායක ජෙනරාල් තුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකම නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී භාරගත්හ.

විධායක ජෙනරාල් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාව සඳහා ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

මීට ප්‍රථම, විධායක ජෙනරාල් ධූරය හෙබවූ මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය. Best Authentic Sneakers | NIKE AIR HUARACHE