22nd September 2022 16:30:11 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ, මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස් ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය දා රාජකාරි භාරගත්තේය.
එහිදී, බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ.
නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි හෙබවූ අතර මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් රසික කුමාර විදේශ මෙහෙයුම් අධ්යක්ෂ ධූරයට පත්කෙරිණි.