Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2017 19:08:11 Hours

නව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති රාජකාරි අරඹයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 7 වන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, ඉරිදා (04) දින පැවති උත්සවයක දී සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි භාරගනු ලැබීය.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය දී නව ආඥාපතිවරයා වෙත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව ‘රොන්ඩේවූ’ සරඹ පිටියේ දී සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

අනතුරුව, නව ආරක්ෂක සේනා ආඥාපතිවරයා භට පිරිස් ඇමතිම සිදු කරනු ලැබු අතර, මෙම අවස්ථාව සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් ද එක්ව සිටියහ.

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා 1984 මාර්තු 05 වන දින බඳවා ගැනිම් අංක - 19 යටතේ කෙඩේට් නිලධාරියකු ලෙස යුද්ධ හමුදාවට බැදි 1985 නොවැම්බර් 16 වන දින දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්විය. මෙම නව තනතුරට පත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ආරක්ෂක ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙසද, 55 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 551 බලසේනාධිපති, 51, 55, 59 සහ 22 සේනාංකයන්හි සේනාංකාධිපති ලෙසද, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ පුහුණු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක සහ යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂක ලෙසද රාජකාරි කර ඇත.

Buy Sneakers | Nike