Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2024 08:14:53 Hours

නව පාබල හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 දෙසැම්බර් මස 02 දින රාජකාරි භාරගන්නා ලදී.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.