Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2023 22:05:57 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනියි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්. එන්. ඩී. කේ. බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී අගෝස්තු මස 12 - 17 යන දිනයන් තුලදී මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් සහ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

එතුමන් පළමුව අස්ගිරි විහාරස්ථානයේදී අතිපූජ්‍ය මහා විහාර වංශික වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාණරතනාභිධාන මහා නායක ස්වාමින් වහන්සේ බැහැදැක අනතුරුව, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිදාන මහා නායක ස්වාමින් වහන්සේ බැහැදැකගත්හ.

එතුමන්, අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය සද්ධාමජෝතික ශාසන කීර්ති ශ්‍රී නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංගරක්ෂිත විජිතසිරි අනුනායක මාහිමිපාණන්ද බැහැදැකින ලදී.

නිල සංචාරයේ අවසන් දෙදින තුල ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා හමුවූ අතර, අනතුරුව එතුමන් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේතුමන් වන නිලංග දෑළ බණ්ඩාර මහතා හමුවී ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගන්නා ලදී.