Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2020 22:42:17 Hours

නවීකරණය කරන ලද ‘යුනිකෝන්ස්’ රථ මාලි රාජ්‍යයට යැවීමට සූදානම්

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නියමිතව ඇති අලුත්වැඩියා කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ඒ. එස්. එස් වනසිංහ විසින් බ්‍රහස්පතින්දා (25) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු වැඩපල කටුබැද්දේ දී පරික්‍ෂා කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඉදිරිපත් කර ඇති ප්‍රමිතින්ට අනුව නවීකරණය කරන ලද මෙම යුනිකෝන් සහ යුනිබෆල් රථ කෙටි කාලයකින් මුහුදු මාර්ගයෙන් මාලි රාජ්‍යය වෙත යැවීම කටයුතු සුදානම් කර ඇත.

මෙම රථ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විධිමත් අයුරින් භාරදීමට ප්‍රථම අද උදෑසන මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ඒ. එස්. එස් වනසිංහ විසින් සමීපව අධීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (සම්බන්ධීකරණ) කර්නල් ටී.ඩී.එල්.ටී රේමන්ඩ්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපලෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් එච්.ඩී.ඒ.එන් හෙට්ටිගේ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වුහ. best shoes | adidas Yeezy Boost 350