22nd November 2023 23:15:40 Hours
ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතින දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පැළඳවීමට නියමිත චූඩා මාණික්‍යය සහ චෛත්‍ය ගර්භයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින කසාගල, පුරාණ රජමහා විහාරස්ථානයට වැඩම කරවීය.
කසාගල පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ පැවති මෙම පුණ්‍යෝත්සවය සාර්ථකව සිදුකරගැනීම සඳහා 12 පාබල සේනාංකයේ භටපිරිස් සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.