Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2020 13:28:26 Hours

දිවයින පූරා ඇතිවී ඇති ගංවතුර තත්ත්වයත් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් සහන මෙහෙයුම් දියත් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇඳහැළෙණ ධාරාණිපාත වර්ෂාපතනයත් හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හා තද සුළං හේතුවෙන් මොණරාගල සිට හම්බන්තොට දක්වා පීඩාවට පත් පවුල් 69 ක සාමාජිකයින් 314 දෙනෙකුට සහන සැලසීමේ කටයුතුවල මේ වනවිටත් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 12 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් නිරතව සිටිති.

සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් නිවාස 64 ක් අර්ධ වශයෙන් හානිවී ඇති අතර නිවාස පහක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.  රාජ්‍ය ආයතනයන්හි සහාය ඇතිව භටපිරිස් ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගිය අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහාය ඇතිව එම නිවාස කඩිනමින් අලුත්වැඩියා කිරීමට භටපිරිස් එක්වී ඇත. 12 වන සේනාංකයේ සේනාංකාධිපති සහ අදාළ ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් මත මෙම සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

11 වන සේනාංකය යටතේ ස්ථාපිත 112 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (19) දින නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයෑමකින් පීඩාවට පත් වූ පවුලකට සහයෝගය ලබාදී තිබුණි.

මෙම පවුල කාන්තාවන් තිදෙනෙකු, පිරිමින් දෙදෙනෙකු සහ ළමයින් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියලුදෙනාගේ ආරක්ෂාව සඳහා රාජය නිලධාරීන්ගේ සහාය ඇතිව හමුදා භටපිරිස් විසින් ආරක්‍ෂිත ස්ථානයන්හි රඳවා ඇත.

මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගතව ඇති 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බදාදා (20) දින ගම්පොල ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ගම්වැසියන්ට ආධාර ලබාදෙනු ලැබීය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන අධික වර්ෂාව, සුළි සුළං හා ගංවතුර තත්ත්වය හේතුවෙන් භටපිරිස් පීඩාවට පත් ස්ථාන කරා යුහුසුළුව පැමිණ කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීම, හානියට පත් වහලවල් අළුත්වැඩියා කිරීම, කඩා වැටුණු පස් ඉවත් කිරීම සහ විපතට පත්වූවන් ඥාතීන්ගේ සහාය ඇතිව ආරක්‍ෂිත ප්‍රදේශවලට ඉවත් කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම, සහන සේවා කටයුතුවල නියැලී සිටින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවකයින්ට ද භටපිරිස් සහයෝගය ලබාදෙනු ලබයි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහ 111 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සම්බන්ධීකරණයෙන් මෙම සහන කටයුතු සිදුකරනු ලැබීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ තද සුළි සුළං සහ ඇඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් දිවයිනේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ඇති බව වාර්තාවීමත් සමඟ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා සාමාජිකයින් ඇතිවී ඇති හදිසි ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා අදාළ ස්ථානයන් වෙත කඩිනමින් යොමු කර තිබේ.

ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ කෑගල්ල ප්‍රදේශයේ නිවසකට සෙනසුරාදා (16) දින සන්ධ්‍යාවේ අසල තිබු පස් කන්දක් කඩාවැටි එම නිවසේ සිටි කාන්තාවක් සුන්බුන් අතර සීරවී ඇති බව වාර්තාවීමත් සමඟ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණ සුන්බුන් අතර සිරවී සිටි කාන්තාව සෙවීමට කටයුතු කල අතර අවසානයේ එම කාන්තාවගේ මෘත දේහය සොයාගත්හ.

කෙසේවෙතත්, ඇයගේ පවුලේ සාමාජිකයින් සහ ගම්වැසියන්ගේ සහාය ඇතිව භට පිරිස් විසින් සිදුකළ මෙම මුදාගැනීමේ මෙහෙයුමේදී සුන්බුන් අතර සිරවූ කාන්තාවගේ මෘත දේහය සොයා ගන්නා ලදී.

මීට අමතරව, සුළි සුළං තත්ත්වයත් සමඟ නිවාසවලට හා ප්‍රධාන මාර්ගවලට කඩා වැටුණු ගස් ඉවත් කිරීමට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මාතර ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (17) දින සහාය වූහ.

613 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ හානියට පත් නිවාස 34 ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද භටපිරිස් විසින් සහයෝගය ලබාදුන්හ.

20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් දියත් කරනු ලැබු මෙම සහන මෙහෙයුම් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමීප නිරීක්ෂණයට ලක්විය. affiliate link trace | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp