Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

30th August 2016 20:03:56 Hours

දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් ආගමික උත්සවයක්

දිවංගත යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් එස්.ආර් මානවඩුගේ සිහිකිරීම උදෙසා අනුරාධපුර සුලුගුලු විහාරයේ වැඩ වාසය කරනු ලබන භික්ෂූන් සඳහා නවතමයෙන් ඉදි කරනු ලැබූ ආරාමය සෙනසුරාදා (27) දින පැවති චාම් ආගමික උත්සවයක දී භික්ෂූන් වහන්සේලා වෙත පූජා කරනල ලදී. මෙම නවතමයෙන් ඉදි කරනු ලැබූ ආරාමය සඳහා අනුග්‍රහය මානවඩුගේ මහත්මිය ඇතුළු දරුවන් තිදෙනා විසින් සිදු කරනු ලැබූ අතර, ඒ සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් පූර්ණ සහයෝගය ලබා දෙනු ලැබීය. මෙම ආගමික උත්සවය අතරතුර දී භික්ෂූන් වහන්සේලා විසින් දිවංගත මේජර් ජෙනරාල් මානවඩුගේ හට පිං පමුණුවමින් ඔහු හට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනු ලැබූ අතර, ඔහුගේ භාර්යාව සහ දරුවන් තිදෙනා විසින් එම අවස්ථාව සිහිගන්වමින් එම විහාර භූමිය තුළ සුදුහදුන් පැළයක් රෝපණය කරනු ලැබීය. මෙහිදී දේශය සහ යුද හමුදාව වෙනුවෙන් ආශිර්වාද කරමින් එදින සන්ධ්‍යාවෙහි බෝධි පූජා පිංකමක් පැවැත් වූ අතර, එදින වැඩසටහන් අවසානයේ වන්දනාකරුවන් සහ මහජනතාව වෙනුවෙන් විහාර භූමිය ආසන්නයේ පිසූ ආහාර දන්සැලක් ද පවත්වනු ලැබීය. අනුරාධපුර ප්‍රදේශයේ සේවයේ නියුතු මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.