Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2024 19:57:48 Hours

දියතලාව, 'BlueBell Monarch' නිවාඩු නිකේතනය විවෘත කරයි

දියතලාව ප්‍රදේශයේ ස්ථාපනය කරනු ලැබූ 'BlueBell Monarch' නිවාඩු නිකේතනය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය ගේ සුරතින් අප්‍රේල් මස 22 දින විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් නව නිවාඩු නිකේතනය ඉදිකරනු ලැබීය.