12th August 2024 13:46:38 Hours
දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේ"යුද සාහිත්‍යය " පිළිබඳ දේශණයක් 2024 අගෝස්තු මස 10 දින පවත් වන ලදී. මෙම දේශණයට කෙඩෙට් නිලධාරීන්, විද්‍යාපීඨයේ සියළු උපදේශකයන්, කාර්ය මණ්ඩලය, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් සහහාගි වූහ.
ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් මෙම දේශණය පවත්වන ලද අතර, එතුමන්ගේ පර්යේෂණයන් ගෙන් සොයාගත් කරුණු පදනම් කරගනිමින් එතුමන් එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවේ 30 වසරක සටනේ ප්‍රධාන සන්ධිස්ථානයන් සඳහන් කළේය. මෙම දේශනය මගින් යුද්ධ හමුදාවේ උපාය මාර්ගික මෙහෙයුම් සහ ගැටුම් සමයේ දායකත්වයන් පිළිබඳව වටිනා අවබෝධයක් එතුමන් ලබා දෙන ලදී.