Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2017 09:11:28 Hours

දියතලාවේ දී මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් පැවැත් වූ ප්‍රජා ව්‍යාපෘතිය

69 වන නිදහස් දිනයට සමගාමීව, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිකුරාදා (3) දින දියතලාව නගර ප්‍රදේශයේ දී ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ මෙම ප්‍රජා ව්‍යාපෘතිය පැවැත්විය.

දියතලාව ප්‍රදේශිය ලේකම් කර්යාලයේ, බණ්ඩාරවෙල පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, දියතලාව පොලිස් ස්ථානයේ, හපුතලේ ප්‍රදේශිය සභාවේ, දියතලාව එක්සත් වෙළඳ සංගමයේ සාමාජිකයින් හා දියතලාව මහා විද්‍යාලයේ සිසුන් ද මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ අනෙකුත් ඒකකයන් හි භට පිරිස් සමඟ එක්ව සිටියහ.

මෙම වැඩසටහන සඳහා මහජන බැංකුව අනුග්‍රහාය දැක්විය.

මෙම අවස්ථාව සඳහා හපුතලේ ප්‍රදේශිය ලේකම්, දියතලාව මහජන බැංකු කළමණාකාරතුමා, දියතලාව පොලිස් ස්ථානධිපති ද සහභාගි වුහ.

යුද හමුදා සමාජිකයන් 175 කට අධික පිරිසක්, සිවිල් ආයතන නියෝජනය කරමින් 100 කට අධික පිරිසක් සහ පාසල් සිසුන් 52 ක් පමණ මේ සඳහා එක්ව සිටියහ.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.කේ වඩුගොඩපිටිය හා බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් පී.ඒ කලුආරච්චි ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ.

Sports Shoes | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ