Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2021 14:00:49 Hours

'දියකාවා යුද අභ්‍යාසය XI – 2021’ සතුරු ඉලක්ක වෙත ලඟවීමේ මෙහෙයුම් ඇරඹේ

ත්‍රිවිධ හමුදාව එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ත්‍රිවිධ හමුදා මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඉකුත් සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙම පුහුණු අභ්‍යාසයේ දෙවන දිනයේ, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගනිමින් සතුරු ඉලක්ක වෙත ක්‍ෂණිකව ගොඩබැසීමේ පුහුණු අභ්‍යාසය මොරගහකන්ද ප්‍රදේශයේදී සෙනසුරාදා (04) දින උදෑසන සිදුකරන ලදී.

එසේම, දියකාවා යුද අභ්‍යාසයේ තවත් පුහුණු අභ්‍යාසයක් ලෙස 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අට දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් වවුනියාව, මාමඩුව රක්‍ෂිත ප්‍රදේශයේ නිරන්තරයෙන් ගැවසෙන සතුරා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෙනසුරාදා (04) දින උදෑසන මන්නාරම යෝධ වැව ප්‍රදේශයේ ගුවන් විමර්ශන මුර සංචාරයක නිරතවූහ.

මෙම පුහුණු අභ්‍යාස අතරතුරදී භටපිරිස් සිදුකරනු ලබන පුහුණු කටයුතු පිළිබඳ එම යුද අභ්‍යාස සඳහා සහභාගි වු රෙජිමේන්තුවල අණදෙන නිලධාරින් විසින් අධීක්‍ෂණය කරනු ලබයි.