Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2020 15:20:16 Hours

දහස් ගණනක හමුදා සෙබළුන් ස්වේච්ඡා සේවකයන් සමඟින් අත්වැල් බැදගනිමින් දිස්ත්‍රික් තුනක වෙරළ තීරයන් පිරිසිදු කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 22, 23 සහ 24 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් 1000 කට වැඩි පිරිසක් පාසල් ළමුන්, ස්වේච්ඡා සේවකයන් සහ රජයේ සේවකයින් සිය ගණනක් හා අත්වැල් බැඳ ගනිමින් ඉකුත් සිකුරාදා (6) දින ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් කොටුව ප්‍රදේශය, ත්‍රිකුණාමලය ඕර්ස හිල්, කොනේෂ්වරම් සහ මනියවේලි වෙරළ තීරය, මඩකලපුව කයාන්කර්නි, කාත්තන්කුඩෙයි සහ කල්කුඩා සහ අම්පාර දිස්ත්‍රීකයේ කල්මූනෙයි, පොතුවිල්, අරුගම් බේ යන වේරළ තීරයන් පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබුහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ සංකල්පයක් මත සිදු කරනු ලැබූ මෙම දැවැන්ත වෙරළ තීරය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතිය තුළින් දිස්ත්‍රික්කවල වඩාත් දූෂිත වෙරළ තීරයන් පිරිසිදු කරමින් පාරිසරික ආරක්‍ෂාව සහ සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කරන ලදී. එක්ලස් කරන ලද කසළ හා දූෂීත ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නගරසභා සහ යුද්ධ හමුදා ට්‍රැක්ටර් ප්‍රවාහන පහසුකම් සපයන ලදී.

මෙම වැඩසටහන සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් තම බලප්‍රදේශයන් ආවරණය වන පරිදි ව්‍යාපෘතියට ක්‍රියාකාරීව දායක වූහ. Sports Shoes | Nike Shoes, Clothing & Accessories