12th December 2023 18:42:35 Hours
අධික වර්ෂාපතනය හේතුවෙන් දඹුලුහල්මිල්ලෑව වැවේ ජල මට්ටම ඉහළ ගොස් වැව් බැම්මේ ඇති වූ ජල කාන්දුවීමක් පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වු දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරිමට කටයුතු කළහ.
අධික වර්ෂාපතනය හේතුවෙන් වැවේ ජල මට්ටම ඉහළ යෑමෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමක් පැවතීම හේතුවෙන් එම වැව් බැම්ම අලුත්වැඩියා කිරීම සඳහා ගම්වාසීන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, අදාළ පළාත් පාලන බලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ද හිමිවූහ.