Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2020 22:50:18 Hours

දකුණේ පරිත්‍යාගශීලියෙකු යුද්ධ හමුදාව සමඟ එක්ව යාපනයේ කාන්තා සෙබළියකට නව නිවසක් ඉදිකරදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය සුභසාධන ව්‍යාපෘතින්හි ප්‍රමුඛත්වයක් ප්‍රදර්ශනය කරමින්, එම ආරක්‍ෂක සේනා මුලස්ථානය භටපිරිස් යාපනය අර්ධද්වීපයේ පලාලි නගරයට දකුණින් පිහිටි කොඩගපුරම් ග්‍රාමයේ පදිංචි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අනුයුක්තව සේවයේ නියුතු කාන්තා සෙබළ දර්ශිකා ජෙසුතසෙන් (Darshika Jesuthasen) වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී. මෙම සෙබළියගේ පියා ද විශ්‍රාම යාමට පෙර නාවික හමුදාවට සේවය කර ඇත.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ මූලිකත්වයෙන් පසුගිය වසර කිහිපය තුළ සිය භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් විදේශිකයන්, සිංහල හා දෙමළ ව්‍යාපාරිකයින්, දානපතියන් සහ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය සහිතව අර්ධද්වීපයේ අසරණ පවුල් සිය ගණනක් සඳහා නව නිවාස ඉදිකරදෙනු ලැබීය.

දකුණේ පදිංචි දානපතියෙකු වන කුමාර වීරසූරිය මහතා මේ වනවිට අර්ධද්වීපයේ අසරණ පුද්ගලයින් සඳහා නව නිවාස රැසක් ඉදිකිරීම සඳහා දායක වී ඇති අතර යුද්ධ හමුදාවට බැඳී වසර ගණනාවක් සේවය කරන කාන්තා සෙබළියක් වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට ද ඒ මහතා අනුග්‍රහය දැක්වීය.

52 වන සේනාංකය යටතේ ස්ථාපිත 521 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මෙම නිවස ඉදිකිරීම සඳහා ජලය, විදුලිය සහ අනෙකුත් උපකරණ සපයනු ලැබීය. බ්‍රහස්පතින්දා (18) දින පැවැති නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී වැඩම කරන ලද භික්‍ෂුන් වහන්සේලා නව නිවසට ආශිර්වාද එක් කළ අතර හින්දු සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව එම සෙබළිය විසින් නව නිවස විවෘත කළේය. නව නිවස විවෘත කිරීමෙන් පසුව මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය නිවාසලාභි සෙබළියට සුබපැතුම් එක් කළේය. ඇයගේ පියා වන ඥාණප්‍රසාගම් ජේසුතසෙන් මහතා (Gnanaprasagam Jesuthasen) නාවික හමුදාවේ සේවය කර මේ වනවිට විශ්‍රාම ගොස් ඇය සමඟ ජීවත් වන නමුත් ආර්ථික බාධාවන් හේතුවෙන් නිසි නිවසක් නොමැතිවීම හේතුවෙන් ඇය පත්ව ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත දැනුවත් කිරීමෙන් පසුව ඇය හට නව නිවසක් ඉදිකරදීම සඳහා අවධානය යොමුවිය.

මෙම අවස්ථාවට වලිකාමම් ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය නිලධාරීන්, 52 වන සේනාංකයේ සේනාංකාධිපති, පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින්, නිලධාරීන්, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, ඥාතීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ. Running Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ