Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2020 18:23:59 Hours

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 7515 දෙනෙකු මේ වන විට සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ප්‍රකාශ කරයි

ඉන්දියාවේ චෙන්නායි (Chennai) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 320 දෙනෙකු අද (12) දින මධ්‍යහනේදී දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි සියළුම පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබූ බව අඟහරුවාදා (12) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 50 ක්, පම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 32ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 11 ක් සහ නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 28 ක් වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු සිය නිරෝධායන කටයුතු සම්පූර්ණ කර PCR පරික්‍ෂණ සිදු කිරිමෙන් අනතුරුව අද (12) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඒ අනුව, අද (12) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 7515 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 3701 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. නාවික හමුදාව තුළ අද (12) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 428 ක් වන අතර ඉන් 41 දෙනෙකු PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 387 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. මාධ්‍ය නිවේදනය අවසන්.

සාරංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 7515

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 3701

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 37 jordan release date | Nike